• මානසික සෞඛ්‍යය සම්බන්ධ කරුණු වෙනුවෙන් ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු කරවීම.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අදාළ අමාත්‍යංශ සඳහා මානසික සෞඛ්‍යයට අදාළ ව ප්‍රතිපත්ති සම්පාදනය සහ සංශෝධනයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මගපෙන්වීම ලබා දීම.
  • මානසික සෞඛ්‍ය වැඩසටහනට අදාළ ව ප්‍රතිපත්ති පාදක කොට ගත් ක්‍රමෝපායයන් සකස් කිරීම.
  • ක්‍රමෝපායයන් පදනම් කරගෙන මානසික සෞඛ්‍ය වැඩසටහන නිර්මාණය / සැලසුම් කිරීම
  • ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය කළමනාකාරීත්වයට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය, උපදේශනය, සම්බන්ධීකරණය සහ සහයෝගය ලබාදීම.
  • රාජකාරි ලැයිස්තු ඇතුළු අදාළ තාක්ෂණික සහ කළමනාකරණ මාර්ගෝපදේශ සහ ආකෘති පත්‍ර සැපයීම
  • වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන් සහ හවුල්කාර පාර්ශවයන් සමග ජාලයක් ඇති කර ගැනීම සහ සම්බන්ධීකරණය.
  • මානසික සෞඛ්‍ය සේවාවන්වලට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා සම්පත් වෙන්කිරීම.
  • වැඩසටහන් විශේෂිත අධ්‍යාපන හා පුහුණු මෙවලම් සකස් කිරීම.
  • පූර්ව සේවා, සේවාස්ථ සහ පශ්චාත් උපාධි සඳහා කාර්ය මණ්ඩලයට අවශ්‍ය ධාරිතා වර්ධනය ඇති කිරීම.
  • අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් සඳහා මූලික හා සේවාස්ථ පුහුණුව ක්‍රියාත්මක කිරීම සහ සංශෝධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සැපයීම.
  • ශ්‍රී ලංකා රජයෙන් සහ වෙනත් ජාතික/ අන්තර්ජාතික ප්‍රභවයන්ගෙන් මූලාධාර ලබාගැනීම සඳහා ඉහල නිලධාරීන් දැනුවත් කිරීම.
  • හදිසි සහ විශේෂිත අවස්ථාවලදී මානසික සෞඛ්‍ය සේවාව ප්‍රතිෂ්ඨාපනය සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
  • මානසික සෞඛ්‍ය සදහා වූ තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහය දීම.
  • ජාතික මට්ටමෙන් මානසික සෞඛ්‍ය සේවාවන් නියාමනය සහ ඇගයීම.
  • සෞඛ්‍ය අමාත්‍යංශයට, සංවර්ධන පාර්ශවකරුවන්ට, ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට සහ අනෙකුත් අදාළ නියෝජිත ආයතන සඳහා ප්‍රතිපෝෂණ වාර්තා ලබාදීම.
  • මානසික සෞඛ්‍යයට අදාළ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය.
නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com