ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවේ ක්‍රමික වර්ධනය බොහෝ ඈතට දිවෙන්නකි. ඉතිහාසයට අනුව ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ආරම්භ වී ඇත්තේ 1839 උමතුව පිළිබඳ ආඥාපනත යටතේ උපස්ථානගාර ලෙසය. එවකට පැවැති උපස්ථානගාර තුන රෝගීන්ගෙන් පිරී යාමෙන් පසුව, ප්‍රධාන කොටම මානසික රෝගීන් සඳහා අභ්‍යන්තර (වාට්ටුවක රඳවාගෙන) රැකවරණය සපයන ඇඳන් 1728 ක් සහිත අංගොඩ උපස්ථානගාරය 1926 වසරේදී නිමාකරන ලද අතර 2008 ඔක්තෝබර් මාසයේදී එය ජාතික මානසික සෞඛ්‍ය ආයතනය ලෙස ඉහල නංවන ලදී.

උමතු අය සඳහා උපස්ථානගාර ඉදිකිරීම පිණිස ආඥාපනතක්
1839දී ආණ්ඩුකාර මැකෙන්සී විසින් හඳුන්වා දෙන ලදී
අංගොඩ මානසික රෝහල
1926 වසරේදී විවෘත කරන ලදී
1943 දී කොළඹ ජාතික රෝහලේදී පළමු ස්නායූ
මනෝවෛද්‍ය සායනය ස්ථාපිත කරන ලදී.

1943 දී කොළඹ ජාතික රෝහලේදී පළමු ස්නායු මනෝ වෛද්‍ය සායනය ස්ථාපිත කරන ලදී. ආරම්භයේදී, මානසික සෞඛ්‍ය සේවා මූලිකවම සපයන ලද්දේ කොළඹ දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රධාන ආයතනවල වන අතර මහනුවර, යාපනය සහ ගාල්ල යන නාගරික දිස්ත්‍රික්කවල ආයතන කිහිපයක් සංකේන්ද්‍රණය වීමෙනි. 1960 න් පසුව, මානසික සෞඛ්‍ය සේවාවන් පළාත් සහ දිස්ත්‍රික්වලටද ඉන් අනතුරුව ‍ප්‍රජා පාදක සේවාවක් බවටද ව්‍යාප්ත විය.

එහි ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, දිවයින පුරා ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික කේන්ද්‍රීය ආයතනය ලෙස 1998 වසරේදී මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ස්ථාපිත කරන ලදී. මෙහි ආයතන ප්‍රධානියා වන්නේ මානසික සෞඛ්‍යය පිලිබඳ අධ්‍යක්ෂවරයායි.

අමාත්‍යාංශය තුළ පළමු අධ්‍යක්ෂවරයා වූයේ වෛද්‍ය ජී. සන්කාරනාරයන මහතායි. එතැන් සිට පහත දැක්වෙන අනුප්‍රාප්තිකයන් ආයතනය එහි වත්මන් තත්වයට ගෙන එන ලදී.

  1. වෛද්‍ය පී.ජී. මහීපාල මහතා (වැඩබලන අධ්‍යක්ෂ)
  2. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා (වැඩබලන අධ්‍යක්ෂ)
  3. වෛද්‍ය හිරන්ති ද සිල්වා මහත්මිය
  4. වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය
  5. වෛද්‍ය රසංජලී හෙට්ටිආරච්චි මහත්මිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ/ වැඩබලන අධ්‍යක්ෂ)
  6. වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය (වර්තමාන)
නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com