Photo D-MH

 

විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක
අධ්‍යක්ෂ

 

පණිවිඩය බලන්න

×

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අපගේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමි. මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය 1998 දී පිහිටුවන ලද අතර දිවයිනේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අභිලාශය පෙරදැරිව පසුගිය කාලය තුල එහි ආයතනික ව්‍යුහය, අනෙකුත් ආයතන සමග සබඳතා හා ධාරිතාවන් ශක්තිමත් කර ගෙන ඇත. දිවයින පුරා මානසික සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීමෙහි ලා මෙම ආයතනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මානසික රෝගී තත්ත්වයන්, ශ්‍රී ලංකාව තුළ හා මුළු ලෝක ප්‍රජාවටම බලපාන ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයක් ලෙස හඳුනාගෙන ඇත. මානසික ආබාධ නිසා ඇතිවන ගැටලු ක්‍රමයෙන් වැඩි වන අතර සෞඛ්‍ය, සමාජයීය, මානව අයිතිවාසිකම් හා ආර්ථික යන සෑම අංශයකට ම මෙමගින් බලපෑම් ඇති කරයි.

මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වශයෙන්, මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දැඩි කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් දායක වූ සැමට මාගේ කෘතඥතාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි. දිගු කාලයක් තිස්සේ අවශ්‍යතාවයක් වශයෙන් හඳුනා ගෙන තිබුණු මෙම වෙබ් අඩවිය මගින් මානසික සෞඛ්‍යය පිලිබඳ සාක්ෂරතාවය ඉහළ නංවන අතරම වැඩසටහන් සැලසුම් කිරීම, නියාමනය හා ඇගයීම වැඩි දියුණු කිරීම සඳහා ද දායකත්වය සපයනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මානසික සෞඛ්‍යය පිළිබඳව වැඩිදුර තොරතුරු ගවේෂණයට කැමති සියලු දෙනාට ම මෙම වෙබ් අඩවිය ඉතා සතුටින් හඳුන්වා දෙමි. මෙම වෙබ් අඩවිය ඔබට ප්‍රයෝජනවත් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එය තව තවත් වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ යෝජනා අප වෙත ඉදිරිපත් කරන මෙන් ද ඉල්ලා සිටිමි.

 

වෛද්‍ය යමුනා එල්ලාවල
ප්‍රජා වෛද්‍ය විශේෂඥ

වෛද්‍ය දිලිනි රූපානන්ද
ප්‍රජා වෛද්‍ය ජ්‍යේෂ්ඨ ලේකඛාධිකාරී

වෛද්‍ය සුල්ෆිකා මොහිදීන්
ප්‍රජා වෛද්‍ය ලේකඛාධිකාරී

වෛද්‍ය සුභාෂි කරුණාරත්න
වෛද්‍ය නිලධාරි

වෛද්‍ය රුසුරි දිසානායක
වෛද්‍ය නිලධාරි

වී.ජී.කේ. කාංචනා කුමාරි මහත්මිය
සංවර්ධන නිලධාරි

ටී.එච්.එන්. සඳමිනී මහත්මිය
සංවර්ධන නිලධාරි

එච්.ජී. දේශානි මහත්මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

කේ එච් සමාධි සුමුදුනී
සංවර්ධන නිලධාරි

අයි එම් ගිවන්තිකා කුමාරි මෙනෙවිය
රාජ්‍ය කළමනාකරණ සහකාර

 

 

 

නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com